ආනයන හා අපනයන කටයුතු වෙනුවෙන් දේශ සීමා හරහා භාණ්ඩ ගෙනයාමේදී සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත රටවල වෙළඳ ව්‍යාපාරිකයින්ට දිගු කාලයක් පටන් තවමත් අධික නිළධරවාදයට මුහුණ පෑමට සිදුව ඇත. එයින් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ය. මාර්ගස්ථ භාණ්ඩ ඇතුළුව භාණ්ඩ ප්‍රවාහනය, නිදහස් කිරීම සහ නිෂ්කාශනය කිරීම කඩිනම් කිරීම සඳහා විධිවිධාන වෙළඳාම පහසුකරණ ගිවිසුම (TFA) තුළ ඇතුලත් වේ. එමඟින් වෙළඳාම පහසුකරණ කටයුතු මෙන්ම රේගු අනුකූලතා ගැටළු සම්බන්ධයෙන් රේගු සහ අනෙකුත් නිසි බලධාරීන් අතර මනා සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා පියවර`සැකසේ. විනිවිදභාවය වැඩි දියුණු කිරීමට, ගෝලීය අගය දාමය සඳහා දායක වීමේ හැකියාව වැඩි කිරීම සහ දූෂණයට ඇති ඉඩකඩ අවම කිරීමට මෙම ගිවිසුම උපකාරී වනු ඇත. වෙළඳාම පහසුකරණ ගිවිසුම (TFA), ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සියලුම සාමාජික රටවල් වල එකඟතාවයකින් අවසන් කරන ලද පළමු ගිවිසුම වන අතර එය 2017 පෙබරවාරි 22 දින සිට බලාත්මක විය.
වෙළඳාම පහසුකරණ ගිවිසුමේ 1.1 වගන්තිය යටතේ දැක්වෙන පරිදි සාමාජික රටවල් විසින් වෙළඳාමට අදාළ තොරතුරු, කඩිනමින් ලබා ගත හැකි පරිදි, වෙනස්කොට නොසැලකෙන පරිදි මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රකාශයට පත් කළ යුතු වේ. එහි 1.2 වගන්තියෙන් තවදුරටත් සාමාජික රටවල ආනයන, අපනයන මෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන ක්‍රියා පටිපාටි පිළිබඳ විස්තර අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය වේ.
වෙළඳාම පහසුකරණ ගිවිසුම (TFA) යටතේ ශ්‍රී ලංකාව සිය වගකීම් ඉටු කිරීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාකාරීත්ව වැඩපිළිවෙළ සකස්කර ඇත. එනම් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි වෙළඳ ක්‍රියා පටිපාටි පිළිබඳ අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත. 1 වන වගන්තිය යටතට අයත් විවිධ විධිවිධාන පිළිබඳ තොරතුරු බොහොමයක් මෙම බිහිදොර තුළ මුල් පිටුවෙහි සෙවුම් තීරුව මඟින් ප්‍රවේශ විය හැකි වන අයුරින් වෙළඳ ක්‍රියා පටිපාටි පිළිබඳ පියවරින් පියවර ක්‍රියාකාරීත්වය යටතේ ඉදිරිපත් කර ඇත.
මෙම වෙළඳාම පහසුකරණය පිළිබඳ තොරතුරු සංචිතයේ (TFA) අරමුණ වන්නේ වෙළඳාම පහසුකරණ ගිවිසුමෙ හි 1.1 වගන්තියේ එක් එක් විධිවිධානවලට අදාළව තොරතුරු සොයා ගැනීම සඳහා එහි පරිශීලකයින්ට උපකාර කිරීමයි.
1.1 වගන්තිය: ප්‍රකාශන
(අ) ආනයනය, අපනයනය, මාර්ගස්ථ ප්‍රවාහන කටයුතු, තාවකාලික ආනයනය සහ ප්‍රතිඅපනයනය සඳහා වූ ක්‍රියා පටිපාටි (වරාය සහ ගුවන් තොටුපළ ඇතුළුවීමේ ක්‍රියා පටිපාටි ඇතුළුව), සහ අවශ්‍ය පෝරම සහ ලේඛන;
(ආ) ආනයනය හෝ අපනයනය සම්බන්ධයෙන් හෝ ඊට අදාළව ඕනෑම ආකාරයකින් පනවන ලද තීරුබදු සහ බදු අනුපාත;
(ඇ) ආනයනය, අපනයනය හෝ මාර්ගස්ථ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් හෝ ඊට අදාළව රජයේ ආයතන විසින් පනවා ඇති ගාස්තු සහ අයකිරීම්;
(ඈ) රේගු කටයුතු ඉටුකරගැනීම සඳහා නිෂ්පාදන වර්ගීකරණය හෝ තක්සේරු කිරීම සඳහා නීති රීති;
(ඉ) ප්‍රභවස්ථාන නීතිවලට අදාළව පොදුවේ යෙදෙන නීති, රෙගුලාසි සහ පරිපාලන තීන්දු;
(ඊ) ආනයන, අපනයන හෝ මාර්ගස්ථ ප්‍රවාහන කටයුතු සීමා කිරීම් හෝ තහනම් කිරීම්;
(උ) විධිමත් ආනයනය, අපනයනය හෝ මාර්ගස්ථ ප්‍රවාහන කටයුතු කඩකිරීම් සඳහා වූ දඬුවම් විධිවිධාන;
(ඌ) අභියාචනය හෝ සමාලෝචනය සඳහා වූ ක්‍රියා පටිපාටි;
(එ) ආනයනය, අපනයනය හෝ මාර්ගස්ථ ප්‍රවාහනයට අදාළව කිසියම් රටක් හෝ රටවල් සමඟ එළඹී ඇති ගිවිසුම් හෝ ඊට අදාළ අංග; සහ
(ඒ) තීරුබදු කෝටා පාලනයට අදාළ ක්‍රියා පටිපාටි.
මූලාශ්‍රය: වෙළඳාම පහසුකරණ ගිවිසුම, වෙළඳාම පහසුකරණ ගිවිසුම පිළිබඳ පහසුකම

