අපනයන ක්‍රියා පටිපාටි සඳහා පොදු මාර්ගෝපදේශය
ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලිය පිළිබඳ සාමාන්‍ය දළ විශ්ලේෂණය
මෙම පිටුව මඟින් ශ්‍රී ලංකාවේ අපනයනය පිළිබඳ සාමාන්‍ය දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. භාණ්ඩ අපනයනය, අදාළ බලයලත් රාජ්‍ය ආයතන විසින් නියාමනය කරනු ලැබේ.
වාණිජ වටිනාකමක් ඇති ඕනෑම භාණ්ඩයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට අදහස් කරන පුද්ගලයෙකු පහත සඳහන් ආයතනවල ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
-
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (බදු අංකය / වැට් අංකය) (https://www.ird.gov.lk/en/sitepages/default.aspx)
2.
ශ්‍රී ලංකා රේගුව (https://www.customs.gov.lk)
ඉහත ආයතන සමඟ ලියාපදිංචි වීම සඳහා, අපනයනකරු විසින් නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සමඟින් ව්‍යාපාර මුල් ලියාපදිංචි සහතිකය හෝ සංස්ථාපිත සහතිකය සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
නිෂ්පාදන-විශේෂිත ලියාපදිංචි කිරීම්/බලපත්‍ර සහ සහතික ලබා ගැනීම
ක්‍රියා පටිපාටි පිළිබඳ විස්තර සඳහා බිහිදොරෙහි මුල් පිටුවේ ඇති පෙරහන් සෙවුම් තීරුව (Filter
search Bar) මඟින් ප්‍රවේශ විය හැකිය. පළමුව, අපේක්ෂිත වෙළඳ මෙහෙයුම තෝරන්න (අපනයනය, ආනයනය, හෝ මාර්ගස්ථ ප්‍රවාහනය ), ඉන්පසු ඔබේ නිෂ්පාදනය තෝරා, පහත දැක්වෙන පරිදි සෙවීම ක්ලික් කරන්න:
යම්කිසි වෙළඳ මෙහෙයුමක් (ආනයනය, අපනයනය හෝ මාර්ගස්ථ ප්‍රවාහනය ) සිදු කිරීමට අපේක්ෂා කරන වෙළඳ ව්‍යාපාරිකයා හට පවත්නා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පැහැදිලි කිරීම සඳහා බිහිදොර යටතේ පූර්ව නිශ්කාෂණ සහ නිෂ්කාශන ක්‍රියාවලීන් යන දෙකම ආවරණය වන පරිදි ක්‍රියා පටිපාටි කාණ්ඩ හතරක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි:
●
මූලික/පළමු ලියාපදිංචිය: සාමාන්‍යයෙන් පුද්ගලයෙකු හෝ ව්‍යාපාරයක් විසින් පසුව බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ලියාපදිංචි විය යුතුය. මේ සඳහා සත්‍යාපනය සිදු කළ යුතු අතර ගබඩා හෝ ගොවිපල පරීක්ෂා කිරීම් වැනි කටයුතු ඊට අදාළ වේ. සාමාන්‍යයෙන්, ලියාපදිංචිය එක් ආයතනයක් විසින් සිදු කළ යුත්තේ එක් වරක් පමණි.
●
බලපත්‍ර: කර්මාන්ත කිහිපයක් නියාමනය කර ඇති අතර මෙම කර්මාන්තවල වෙළඳාම් කිරීමට අපේක්ෂා කරන සමාගම් (තනි පුද්ගල ව්‍යවසාය හෝ සංස්ථා) එසේ කිරීමට අවසර ලබා ගැනීමට පෙර ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම හා සමහර අවස්ථාවන් හි දී , බලපත්‍ර වාර්ෂිකව අලුත් කළ යුතුය;
●
අවසරපත්‍රය: අවසරපත්‍රය යනු නිෂ්කාශන ක්‍රියා පටිපාටි ආරම්භ කිරීමට පෙර භාණ්ඩ තොගයක් සමඟ තිබිය යුතු බලපත්‍රය වේ. උදාහරණ ලෙස ශාක ස්වස්ථතතා හෝ පශු වෛද්‍ය සහතික, ප්‍රභවස්ථාන සහතික, ආනයන බලපත්‍ර, අනුකූලතා සහතික යනාදිය මීට ඇතුළත් වේ. සෑම වෙළඳ කටයුත්තක් සඳහා හෝ සෑම භාණ්ඩ තොගයක් සඳහාම මෙම ක්‍රියාවලිය අනුගමනය කළ යුතු වේ.
●
රේගු නිෂ්කාශනය සහ දේශසීමා පිළිබඳ ක්‍රියා පටිපාටි:විවිධ පිටවීම්/ඇතුල්වීම් ස්ථානවලදී තොග නිෂ්කාශනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියා පටිපාටි මීට අයත් වේ. මෙයට රේගු ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම, නියාමන බලධාරීන් විසින් අදාළ තොග සත්‍යාපනය/පරීක්ෂා කිරීම්, භාණ්ඩ මුද්‍රා තැබීම යනාදිය ඇතුළත් වේ. සෑම නව වෙළඳ ක්‍රියාවක් සඳහාම මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම අවශ්‍ය විය හැකිය.
●
වෙළඳ ව්‍යාපාරිකයකු විසින් පළමු වරට අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටි: මෙම කොටස මඟින් නව ව්‍යාපාරිකයකුට අනුකූල වීමට අවශ්‍ය සියලුම පියවර/ක්‍රියා පටිපාටි සාරාංශ කරයි; ලියාපදිංචි කිරීමේ සිට පිටවීමේ හෝ ඇතුල්වීමේ දී සිදුකරනු ලබන නිෂ්කාශනය දක්වා වූ ක්‍රියා පටිපාටි පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් මෙමඟින් සපයයි.
මූලික ලියාපදිංචිය, බලපත්‍ර සහ සහතික
අවසාර පත්‍ර
නිෂ්කාශනය
වෙළඳ ව්‍යාපාරිකයකු විසින් පළමු වරට අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටි
බිහිදොර මඟින් කියාපටිපාටි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරෙන ආකාරය
3.
ගැනුම්කරුගෙන් විකුණුම් පොරොන්දුවක් ලබා ගැනීම
විකුණනු ලබන භාණ්ඩ, විකුණුම් නියමයන් සහ කොන්දේසි මෙන්ම ගෙවිය යුතු මිල පිළිබඳ සඳහන් වන විකුණුම් එකඟතාවයක් හෝ විකුණුම් ගිවිසුමක් අපනයනකරුවෙකු විසින් ලබා ගත යුතු වේ.
4.
නිෂ්කාශනය පිළිබඳ නියෝජිතයෙකු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම
අපනයනකරුගේ අධිකාරිය ඇති බලපත්‍රලාභී නිෂ්කාශන නියෝජිතයෙකු විසින් ශ්‍රී ලංකා රේගුව සමඟ අපනයන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසුකම් සපයනු ලබයි. නිශ්කාෂණ නියෝජිතයන් ශ්‍රී ලංකා රේගුවෙන් බලපත්‍ර ලබා ඇත. බලපත්‍රලාභී නිෂ්කාශන නියෝජිතයින්ගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා රේගු TIN/VAT
ලියාපදිංචි කිරීමේ ඒකකය තුළින් සොයාගත හැකිය.
5.
භාණ්ඩ තොගය පිළිබඳ ප්‍රකාශය
භාණ්ඩ නිෂ්කාශනයට පහසුකම් සැලසීම සඳහා, අපනයනකරු විසින් තම නිෂ්කාශන නියෝජිතයාට භාණ්ඩ තොගය පිළිබඳ ලේඛනයක් ලබා දිය යුතු වේ. භාණ්ඩ තොග ලේඛනය ඉදිරිපත් කිරීමත් සමඟම ඉදිරි ඊට අමතරව: වලංගු වාණිජ ඉන්වොයිසියක්, ප්‍රභවස්ථාන සහතිකය (අදාළ වන විට), භාණ්ඩ තොගයට අදාළ අවසර පත්‍රය , සීමා කරන ලද භාණ්ඩ සඳහා බලපත්‍රය (අදාළ වන විට), සමාගම් හෝ තනි පුද්ගල PIN සහතිකය, මිලදී ගැනීමේ ඇණවුම් හෝ පොරොන්දු සහ ඇසුරුම් ලැයිස්තු ඉදිරිපත් කළ යුතු වේ. තොග ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු, තොගය පුරවා ඇසුරුම් කිරීම / සත්‍යාපනය කිරීම, අපනයනය සඳහා ප්‍රකාශිත තොගය මුදා හැරීම සහ දේශ සීමාව හරහා භාණ්ඩ තොග පිටකිරීම, රේගුව විසින් ක්‍රියාවට නංවනු ඇත.

