වාණිජ දෙපාර්තමේන්තුවේ (DoC) ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ඒකාබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) පියවරෙන් - පියවර ක්‍රියාකාරීත්වය සපයන මෙම මාර්ගගත වේදිකාව සකස් කරන ලදී. ශ්‍රී ලංකාවේ වෙළෙදුන්ගේ අවශ්‍යතාවය අනුව තෝරාගත් භාණ්ඩ සඳහා අදාල වන ආනයන හා අපනයන ක්රීයාපටිපාටි සහ විධිවිධාන පියවරෙන් - පියවරට මෙහි විස්තරාත්මකව කරුණු දක්වනු ලැබේ. මෙම පියවරෙන් පියවර මාර්ගෝපදේශය කි‍්‍රයාපටිපාටි සහ විධිවිධාන දැනටමත් ක්රීයාත්මකවන, ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු ද්වාරයට (SLTIP) අනුපූරකයක් ලෙස ක්රීයාකරනු ලැබේ.
මෙම පියවරෙන් පියවර මාර්ගෝපදේශය සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලද්දේ යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඇති වෙළඳාම සම්බන්ධ ආධාර ව්‍යාපෘතිය යටතේය. එම ක්රීයාවලිය යුරෝපා සංගමයේ (EU) අරමුදල් සැපයීම මඟින්,ITC ආයතනය විසින් ක්‍රියාවට නංවන ලදී. මෙම පියවරෙන් පියවර මාර්ගෝපදේශය ITC ආයතනය විසින් සංවර්ධනය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සහයෝගය සහිතවය.ශ්‍රී ලංකාවේ වෙළෙඳුන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම වේදිකාව මඟින් ආවරණය වන නිෂ්පාදන භාණ්ඩ ප්‍රමාණය පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පිලිබද ජර්මානු නියෝජිත ආයතනය Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) තවදුරටත් සහාය ලබා දී ඇත.
මෙම පියවරෙන් පියවර මාර්ගෝපදේශය,වෙළඳාම හා සම්බන්ධ තොරතුරු සදහා ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ පුළුල් කරන අතර, ශ්‍රී ලංකාවේ තෝරගත් නිෂ්පාදන සදහා අදාල වන වෙළඳ ක්රීයාපටිපාටිවල විනිවිදභාවය තවදුරටත් වැඩි දියුණු කරයි. එසේම එම ක්රීයාපටිපාටි ඉදිරියේදී සරල කිරීම පිණිස යෝග්‍ය සංශෝදන ඉදිරිපත් කිරීමටද මෙය අනුබලයක් වනු ඇත.මෙහි දැක්වෙන ක්රියාපිලිවෙත මඟින් ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය යාවත්කාලීන ආනයන හා අපනයන කී්රයාපිලිවෙත් පිළිබඳ තොරතුරු පැහැදිලිව හා නිවැරදිව ඉදිරිපත් කරනු ලැබේ.ඉංගී්රසි, සිංහල සහ දෙමළ භාෂා 3න්ම තොරතුරු ඉදිරිපත් කරන කේවල මධ්‍යස්ථානයක් ලෙස මෙහි සේවාවන් ලබා දෙනු ලැබේ.එසේම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්, දේශසීමා නියාමන ආයතන සහ ව්‍යාපාරික ප්‍රජාවටද වැඩි දියුණු වූ විනිවිදභාවයකින් යුතුව හා විශ්වාසවන්ත ලෙසද තොරතුරු මෙම මාර්ගගත වේදිකාවෙන් ලබාගත හැක.
මෙම පියවරෙන් පියවර මාර්ගෝපදේශ පද්ධතිය සකස් කිරීම සදහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාවේ අදාළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මඟින් සපයන ලදී.

